ගෝඨාභයට, රවීගෙන් අභියෝගයක්

Thursday, 12 February 2015 - 19:09

%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA%E0%B6%A7%2C+%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
හැකිනම් තමන් සතු වත්කම් බැරකම් හෙළි කරන්නැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට අභියෝගයක් එල්ල කළා. ඒ, හිටපු ආරක්ෂක ලේකම්වරයා අද (12) ඉංගී‍්‍රසි මාධ්‍ය ජාතික පුවත්පතකට කර ඇති ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්.

එම පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දී ඇත්තේ ඇතැම් දේශපාලනඥයින් අයථා අන්දමින් වත්කම් උපයාගෙන ඇති බවයි. මුදල් අමාත්‍ය රවී කරුණානායකද එලෙස වත්කම් උපයාගෙන ඇති බව ඔහු එහි සඳහන් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායකද අද මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර, එහිදී ඔහු ඉහත අදහස් පළ කළා.