පලාලි අධිආරක්ෂිත කලාපයෙන් අක්කර දහසක් නිදහස්

Thursday, 12 February 2015 - 19:16

%E0%B6%B4%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A
පලාලි අධිආරක්ෂිත කලාපයේ ඉඩම් අක්කර හයදහස් එකසිය පනස් එකෙන් අක්කර දහසක් සාමාන්‍ය ජනතාව වෙත යළි පවරා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (12) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වූ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මේ බව අනාවරණය කළා.

යුද සමයේ දෙමළ ජනතාවට සිදු වූ බව කියන හිරිහැර සම්බන්ධයෙන් සෙවීමට ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවට උතුර පළාත් සභාවේ සම්මත කරගත් යෝජනාව රජයේ ස්ථාවරය නොවන බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.

මහජන සාමය, ආපදා කළමනාකරණ හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංගට එරෙහිව පසුගියදා විපක්ෂය කතානායකවරයාට භාරදුන් විශ්වාසභංග යෝජනාව මේ දක්වා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් වී නොමැති බවද මෙහිදී අනාවරණය වුණා.

නව රජය පත්කර ඇති දූෂණ විරෝධී කමිටුව සඳහා ලේකම් කාර්යාලයක් පිහිටුවීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. එමෙන්ම, මුදල් විශුද්ධිකරණය ඇතුළු මහා පරිමාණ නීතිවිරෝධී මුදල් ගණුදෙනු ගැන පරීක්ෂා කිරීම සඳහා පොලිස්පතිවරයාගේ අධීක්ෂණයෙන්  මූල්‍ය ගණුදෙනුවලට අදාළ අපරාධ විමර්ෂණ ඒකකයක් පිහිටුවීමටද අනුමැතිය ලැබුණා.

එමෙන්ම, කොටි ත්‍රස්තවාදීන් යුදමය වශයෙන් පරාජය කිරීම සනිටුහන් කෙරෙන විජයග්‍රහණයේ පෙළපාලිය මෙම වර්ෂයේද රණවිරු උපහාර උළෙලක් ලෙස ගාලූ නගරයේ පැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් කළ යෝජනාවටද අනුමැතිය හිමිව තිබෙනවා.

ආහාර සුරක්ෂිතතාව අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල සිදුවී ඇතැයි කියන දූෂණ සෙවීමට කමිටුවක් පත් කෙරෙනු ඇති. නාගරික සංවර්ධන අධිකාරිය මගින් කොළඹ නගරයේ පදිංචිව සිටින පවුල් ඉවත් කිරීම සහ ඔවුන් වෙනත් ස්ථානවල පදිංචිකිරීම සම්බන්ධයෙන් යළි සමාලෝචනයක් සිදුකිරීමට නියමිතයි. අගතියට පත් පාර්ශවයන්ගේ දුක් ගැනවිලි සොයා බැලීමට රවී කරුණානායක, රෝසි සේනානායක සහ ඉරාන් වික්‍රමරත්න යන අමාත්‍යවරුන්ගෙන් යුත් කමිටුවක්ද පත් කෙරුණා.

නව රජයේ දින සියයේ වැඩසටහන පිළිබඳ ප්‍රගති වාර්තාවද අමාත්‍ය මණ්ඩලය සලකා බලා තිබෙනවා.

වතු කම්කරුවන් සඳහා තාවකාලික පියවරක් ලෙස දැනට ඇති ලයින් කාමර 30,000 ක වහළ අලූතින් සවිකිරීමට ඩොලර් මිලියන 260 ක ප්‍රදානයක් ලබාගැනීමටද අමාත්‍ය මණ්ඩලයේදී යෝජනා වුණා. ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී එය ව්‍යාපෘති යෝජනාවක් ලෙස ඉදිරිපත් කෙරෙනු ඇති.



ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 2682ක් දක්වා ඉහළට
Thursday, 16 July 2020 - 17:48

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2682ක් දක්වා... Read More

පළමු ශ්‍රේණියේ සිට 5 වන ශ්‍රේණිය දක්වා සිසුන්ට පෝෂණ මල්ලක්
Thursday, 16 July 2020 - 17:33

හඳුනාගත් පාසල් 7716 ක පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා... Read More

අනිද්දා කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි
Thursday, 16 July 2020 - 17:08

මහකොළඹ ජල හා අපජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන... Read More