මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් කරනවා - අගමැති

Thursday, 12 February 2015 - 19:21

%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%B8+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92
මීළඟ මැතිවරණයෙන් පසු මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. කොළඹ රාජකීය විද්‍යාලයේ අද (12) පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ මෙය ලිච්ඡවි රජ දරුවන්ගේ ක්‍රමවේදය ආදර්ශයට ගනිමින් තමන් මෙම කටයුත්ත සිදුකරන බවයි.

‘‘ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති ලෙස මගේ පත්වීම මෙරට දේශපාලනයේ අලූත්ම තත්ත්වයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මම ආණ්ඩුවේ ප්‍රධානියා වුණාට මම නියෝජනය කරන්නේ විපක්ෂයේ දේශපාලන පක්ෂයක්. කොහොම වුණත් මෙය අපිට හොඳ අභියෝගයක් වෙයි. බොහෝ දෙනා මගෙන් අහනවා අප්‍රේල් මැතිවරණයෙන් පසු ඔබ හදන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක්ද ? එසේ නැත්නම් එජාප - ශ්‍රී ලංකා සමගි ආණ්ඩුවක්ද ? එහෙමත් නැත්නම් මහින්ද විරෝධී ආණ්ඩුවක්ද ? ඒ හැමෝටම මගේ උත්තරය තමයි මට  ඕනේ මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් කරන්න. ඒක ලිච්ඡවි රජදරුවන්ගේ ක්‍රමවේදයෙන් ආදර්ශයට ගත්ත එකක් විදියටයි මම දකින්නේ. ඒ ක්‍රමවේදය සාර්ථක වුනොත් අපිට දකුණු ආසියාවේ හොඳම රට විය හැකියි.’’

අග්‍රාමාත්‍යවරයා එහිදී ආදි රාජකීයෙකු වන හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ගැනද සිහිපත් කළා.

‘‘ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන කියන්නේ සැබවින්ම ජයග්‍රාහකයෙක්. ඔහු පාර්ලිමේන්තුවට ආවේ 1943. පනස් හය වෙද්දී ඔහු ආණ්ඩුවේ දෙවැනියා. සර් ජෝන් පොරොන්දු වුණා, ඡන්දෙන් පස්සේ අවුරුදු දෙකක් ගිහිං ජේ.ආර්.ජයවර්ධනට අගමැතිකම දෙන්න. හැබැයි පනස් හයේ ඡුන්දේ එක්සත් ජාතික පක්ෂය පැරදුනා. ජේ.ආර්. ආසනයත් පැරදුණා. හැමෝම කිව්වා ඔහු ඉවරයි කියලා. කොහොම වුනත් අවුරුදු විස්සකට පස්සේ ජේ.ආර්. අගමැති වෙලා රටේ පළවෙනි විධායක ජනාධිපතිත් වුණා. මම දවසක් ජයවර්ධන ජනාධිපතිවරයා මට කිව්වා රනිල් මම අන්තිමට කෝපි කෝප්පේ මණ්ඩියත් බිව්වා කියලා. හැබැයි මට කියන්න තියෙන්නේ මම අද අගමැති වෙන්න කලින් මණ්ඩියත් බීලා, කෝප්පෙත් කඩලා, ඒකත් කුඩු කරලා ඒවත් බොන්න වුණා කියලයි.’’