මත්ද්‍රව්‍ය මඩින්න ජාතික වැඩපිළිවෙලක්

Thursday, 12 February 2015 - 19:24

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා පුළුල් ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව ජනාධිපති කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්. එම සාකච්ඡාවට සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්, ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියන්, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ දීර්ඝ කාලයක සිට රටත් ජනතාවත් පීඩාවට පත්කළ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා නව රජයේ විශේෂ අවධානය යොමු වී ඇති බවයි.