5 කට දෙන එන්නත එක ළමයෙකුට විදලා

Friday, 13 February 2015 - 7:58

5+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD+%E0%B6%91%E0%B6%9A+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B6%BD%E0%B7%8F
මහනුවර - ගලගෙදර ප්‍රදේශයේ මාතෘ සායනයකදී ළමුන් 5 දෙනෙකුට ප්‍රමාණවත් පිටගැස්ම එන්නත එක් ළමයෙකුට ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. පසුගිය 7 වැනිදා ගලගෙදර - ගාලියාව ප්‍රදේශයේ මාතෘ සායනයකදී පවුල් සෞඛ්‍ය සේවිකාවක් විසින් මෙලෙස ළමුන් 5 දෙනෙකුට ලබාදෙන එන්නත්සාරය පස් හැවිරිදි එක් ළමයෙකුට ලබාදී තිබෙනවා. අනතුරුව එම ළමයා සායනයේ සිටි වෛද්‍යවරුන් විසින් ගලගෙදර රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර තිබුණා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් දරුවාගේ භාරකරුවන් ගලගෙදර පොලිසියට පැමිණිළි කර ඇති අතර මේ වනවිට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. එමෙන්ම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ පිළිබඳව ලබන 18 වන බදාදා ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකිරීමට නියමිත බව ද ගලගෙදර පොලිසිය ප්‍රකාශ කළා.