තවත් සිසුවියක් පාසලේදී මිය යයි

Friday, 13 February 2015 - 11:16

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
බලංගොඩ - බුලත්ගම මහා විද්‍යාලයේ 03 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් උදෑසන රැස්වීම අතරතුර ඇද වැටී මියගොස් තිබෙනවා. බලංගොඩ පොලිසිය ප්‍රකාශ කළේ මෙම දැරිය බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි. වාසනා සෙව්වන්දි නමැති අට හැවිරිදි මෙම දැරියගේ මව දෙවන වරටත් විවාහ වී මේ වනවිට විදේශගතව සිටින අතර, ඇගේ පියා මවගෙන් වෙන් වී වෙනම වාසය කරන බවයි බලංගොඩ පොලිසියේ උසස් නිලධාරියෙකු කියා සිටියේ.