මියන්මාරයේ ගෝත්‍රික ගැටුම්වලින් සෙබලූන් 50 ක් මරුට

Friday, 13 February 2015 - 12:51

%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%9D%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B6%BD%E0%B7%96%E0%B6%B1%E0%B7%8A+50+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
මියන්මාරයේ චීන දේශසීමාව ආසන්නයේ පිහිටි ශාන් ප්‍රාන්තයේ ගෝත්‍රික කණ්ඩායම් සමඟ ඇති වූ ගැටුම්වලින් මියන්මාර හමුදා සෙබලූන් 50 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. එහි කොකෑන් ගෝත්‍රික ගරිල්ලන් සමඟයි පසුගිය දින 3 මුළුල්ලේ මෙම ගැටුම් හට ගෙන ඇත්තේ. මෙම ගැටුම් හේතුවෙන් දහස් ගණන් ජනයා ප්‍රදේශය අතහැර පලාගොස් ඇති බව සඳහන්. මියන්මාරයේ කඳුකර ගෝත්‍රික කණ්ඩායම් ස්වයං පාලනයක් පතා දශක ගණනාවක් තිස්සේ අරගලයක නිරත වනවා.