අප චීන විරෝධී හෝ ඉන්දීය හිතවාදී නොවෙයි - මංගල

Friday, 13 February 2015 - 13:13

%E0%B6%85%E0%B6%B4+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B7%84%E0%B7%9D+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD
මෙරට පශ්චාත් යුද සංහිඳියා ක්‍රියාවලිය සඳහා සහය වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සැමවිටම සැදී පැහැදී සිටින බව ජගත් සංවිධාන මහලේකම් බෑන්කී මූන් පවසනවා. නිව්යෝක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේ ඊයේ (12) පැවති දෛනික මාධ්‍ය හමුවේදී මහලේකම්වරයාගේ ප්‍රකාශක ස්ටීවන් ඩුජාරික් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව ඒ සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව යාන්ත්‍රණයන් සැකසිය යුතුව ඇති බවයි. වගවීම් ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම ශ්‍රී ලංකාවේ සාමය, ප්‍රජාතන්ත්‍රවාදය සහ සංවර්ධනය සඳහා පදනම වනු ඇති බව මහලේකම්වරයාගේ අදහසයි. වගවීම් ක්‍රියාවලිය සඳහා දේශීය යාන්ත්‍රණයක් සකස් කිරීමට නව රජය ගනු ලබන පියවර පිළිබඳව මහලේකම්වරයා දැන සිටිනවා. ඒ සම්බන්ධයෙන් ජගත් මහලේකම් බෑන්කී මූන් අවධානයෙන් සිටින බවයි ඔහුගේ ප්‍රකාශකයා සඳහන් කළේ.

මේ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන ජගත් සංවිධාන මූලස්ථානයෙන් සමුගන්නා බව ද මහලේකම්වරයාගේ ප්‍රකාශක ස්ටීවන් ඩුජාරික් තහවුරු කළා. දැනට ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වන විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර හමුවීමට ද ජගත් මහලේකම් බෑන්කී මූන් අදහස් කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර, විදේශ අමාත්‍ය මංගල සමරවීර වොෂින්ටනයේදී ඊයේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ නව රජය ඉන්දීය හිතවාදී හෝ චීන විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන බවයි. ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සුහද සබඳතා පවත්වාගෙන යනු ලබන්නේ ශ්‍රී ලංකා හිතවාදී ලෙසින් බව ඔහු අවධාරණය කළා.

විදේශ අමාත්‍ය මංගල සමරවීර වොෂින්ටනයේ කානගී ජාත්‍යන්තර සාම සමුළුව අමතමින් ප්‍රකාශ කළේ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරීට මෙන්ම, ජගත් සංවිධාන මහලේකම් බෑන් කී මූන්ට ද ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ඇරයුම් කරන බවයි. ජනාධිපතිවරණයෙන් පසු ශ්‍රී ලංකාව, යන්න විදේශ අමාත්‍ය මංගල සමරවීර මෙහි සිදුකළ දේශනයේ තේමාවයි. දේශීය වගවීම් යාන්ත්‍රණයට සමගාමීව සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයක් සකස් කිරීම සඳහා දකුණු අප්‍රිකාව සමඟ මේ මස අවසානයේ සාකච්ඡා ආරම්භ කරන බවත් මංගල සමරවීර අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.