Update: ගෝඨාභය රාජපක්ෂගෙන් සී.අයි.ඩි. ය ප්‍රශ්න කරයි

Friday, 13 February 2015 - 16:24

Update%3A+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%93.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%A9%E0%B7%92.+%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන් රහස් පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් අද (13) දිනයේ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ ඔහුගේ නිවසට ගිය රහස් පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් ප්‍රශ්න කර මෙලෙස ප්‍රකාශයක් සටහන් කර ගත් බවයි. ඇවන්ගාඩ් පෞද්ගලික ආරක්ෂක සමාගම සම්බන්ධයෙන් මෙහිදී ප්‍රශ්න කර ඇති අතර, රක්නා ලංකා ආරක්ෂක සමාගම සම්බන්ධයෙන්ද හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඇවන්ගාඩ් සහ රක්නා ලංකා පෞද්ගලික ආරක්ෂක සමාගම් සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ සමාජයේ දැඩි කතාබහක් ඇති වුණේ එම සමාගම්වලට අයත් ගබඩාවලින් අවි ආයුධ සොයා ගැනීම හේතුවෙන්. ඇවන්ගාඞ් පෞද්ගලික ආරක්ෂක සේවා ආයතනය කුලී පදනම මත ලබා ගත් ගාලූ වරායේ නැංගුරම්ලා තිබූ ‘මහනුවර’ නමැති නෞකාවේ තිබී ගිනි අවි 3154ක්, විවිධ වර්ගයේ උණ්ඩ හත්ලක්ෂ 47,859ක් පොලීසිය මීට පෙර සොයා ගත්තා. මේ සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ අවසන් වන තුරු නිශ්ශංක සේනාධිපති නමැති ඇවන්ගාඞ් සභාපතිවරයාට රටින් පිටවීම තහනම් කිරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය දා නියෝග කළේ.
 
රක්නා ලංකා පෞද්ගලික ආරක්ෂක සමාගමට අයත් අවි ගබඩාවක් පොලීසිය සොයා ගත්තේ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයෙන්. ශ්‍රී ජයවර්ධනපුර - කෝට්ටේ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු විසින් කළ පැමිණිල්ලකට අනුව එම අවි ගබඩාව පරීක්ෂා කළ පොලිසිය එහි තිබී ටී-56 වර්ගයේ ගිනි අවි 44 ක්, එල්.එම්.ජී. ගිනි අවි 32 ක් සහ විවිධ වර්ගයේ ගිනි අවි 151 ක් සොයා ගත්තා. කෙසේ වෙතත්, මෙම ගබඩාව තුළ ටී-56 ගිනි අවි 2300 ක්, එල්.එම්.ජී. ගිනි අවි 385 ක්, විවිධ වර්ගයේ ගිනි අවි 3473 ක් ගබඩාවේ රඳවා ගැනීමට ආරක්ෂක අමාත්‍යාංශය ඔවුන්ට අවසර ලබාදී තිබූ බවයි පොලිසිය ප්‍රකාශ කළේ. වැටලීම සිදුකළ අවස්ථාවේදී රක්නා ලංකා පෞද්ගලික ආරක්ෂක සමාගමේ නිලධාරීන් පොලිසියට ප්‍රකාශ කළේ ඉතිරි ගිනි අවි විවිධ රාජකාරී සඳහා නිකුත් කර ඇති බවයි. මේ හේතුවෙන් රක්නා ලංකා පෞද්ගලික ආරක්ෂක සමාගමට අයත් මෙම අවි ගබඩාවේ, ගිනි අවි සහ පතොරම් නිකුත් කර ඇති ආකාරය පිළිබඳව පොලීසිය පරීක්ෂණ ආරම්භ කළා.



Update: Friday, 13 February 2015 - 07:12 PM
.................................................................
ගෝඨාභය රාජපක්ෂගෙන් රහස් පොලීසිය ප්‍රශ්න කරයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන් රහස් පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් අද (13) දිනයේ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. ආරංචි මාර්ග කියා සිටියේ ඔහුගේ නිවසේදී ප්‍රශ්න කර මෙලෙස ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවයි. රක්නා ලංකා පෞද්ගලික ආරක්ෂක සමාගම සහ ඇවන්ගාඩ් පෞද්ගලික ආරක්ෂක සමාගම සම්බන්ධයෙන් මෙම ප්‍රශ්න කිරීම් සිදුකර තිබෙනවා. හෙට දිනයේත් හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ.