පාකිස්තානයේ ෂියා දේවස්ථානයකට ප්‍රහාරයක් - 10 මරුට

Friday, 13 February 2015 - 16:42

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%82%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+10+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
පාකිස්තානයේ - පෙෂාවර් නුවර ෂියා මුස්ලිම් දේවස්ථානයක් ඉලක්ක කරගෙන අද (13) එල්ල වූ ප්‍රහාරයකින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. විදෙස් වාර්තා සඳහන් කළේ දේවස්ථානය අසල පිපිරීමක්ද සිදුව ඇති අතර, අනතුරුව ප්‍රහාරකයන් දේවස්ථානයේ සිටි පුද්ගලයන්ට වෙඩි තබා ඇති බවයි. එහිදී පොලිසිය සහ ප්‍රහාරකයන් අතර දරුණු වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා. මෙහි වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නැහැ.