දික් ඕවිට උණුසුම් කළ මාළු නැව

Friday, 13 February 2015 - 18:56

%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%95%E0%B7%80%E0%B7%92%E0%B6%A7+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B8%E0%B7%8F%E0%B7%85%E0%B7%94+%E0%B6%B1%E0%B7%90%E0%B7%80
ධීවර නෞකාවක් දික් ඕවිට ධීවර වරායට පැමිණීමත් සමඟ එහි ධීවරයන් අද (13) විරෝධතාවයක නිරත වුණා. ඔවුන් ප්‍රකාශ කළේ තායිවානයට අයත් මෙම ධීවර නෞකාව අල්ලා ගත් මසුන් ශ්‍රී ලංකාවට ගොඩබෑම නිසා තම වෘත්තීයට දැඩි බලපෑම් මතුවන බවයි. විදේශීය යාත්‍රාවලට මෙරට ධීවර වරායන්හි නැංගුරම් ලෑමට අවසර ලබා නොදෙන ලෙස ඔවුන් මෙහිදී රජයෙන් ඉල්ලා සිටියා.

විරෝධතාවය අතරතුර බහුදින යාත්‍රා හිමියන් වරායෙහි නැංගුම් ලූ අදාළ නෞකාව සම්බන්ධයෙන් දික් ඕවිට වරායේ කළමනාකාරවරයාගෙන් තොරතුරු විමසුවා. එම අවස්ථාවේදී බහුදින ධීවර යාත්‍රා හිමියන් සහ කළමනාකාරවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වූ අතර කළමනාකරු කියා සිටියේ මෙම ගැටළු ධීවර අමාත්‍යාංශ ලේකම්වරයා හමුවී විසදා ගත යුතු බවයි.