Update: නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවත් වෙනස් වෙයි

Friday, 13 February 2015 - 19:10

Update%3A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලධාරී මණ්ඩලය සම්බන්ධයෙන් හෙට දිනයේ සිදුකරන වෙනස්කම් සහ පක්ෂයේ ව්‍යවස්ථාවේ සිදුකරන වෙනස්කම් පිළිබඳව එහි ජ්‍යෙෂ්ඨ නායකයන් අතර සාකච්ඡාවක් අද (13) පැවැත්වුණා. ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්, ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේදියි.

අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා කියා සිටියේ හෙට දිනයේ උණුසුම් පුවත් කිහිපයක් ලබාදෙන බවයි. ඉදිරි මහමැතිවරණයේදී ඉදිරිපත් කරන අගමැති අපේක්ෂකයා සම්බන්ධයෙන් අද සාකච්ඡා නොකළ බවයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන හිටපු අග්‍රාමාත්‍ය, දි.මු. ජයරත්න ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා සමඟ සමගිව ඉදිරියට යාම පිළිබඳව අද සාකච්ඡා කළ බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පැවසුවේ නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය ලෙසින් ඉදිරියට ගමන් කිරීම පිළිබඳව  අද අවධානය යොමු වූ බවයි.



මීට පෙර පල කළ පුවත පහතින් බලන්න :