ඉන්දීය අගමැති ජනපති අමතයි

Friday, 13 February 2015 - 19:36

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ඉන්දීය නිළ සංචාරය දෙරට අතර සබඳතාවලට නව ප්‍රවේශයක් වනු ඇතැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළා. ඒ, ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමඟ අද (13) දුරකථන සංවාදයක නිරත වෙමින්. ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය පිිළිබඳව තමන් උනන්දුවෙන් පසුවන බව එහිදී පැවසූ ඉන්දීය අගමැතිවරයා, ශ්‍රී ලාංකික දූත පිරිස පිළිගන්නට ඉන්දීය රජය සහ ජනතාව සතුටින් බලා සිටින බව ප්‍රකාශ කළා.

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙහිදී සුබ පැතුම් එක් කර තිබෙනවා. ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද එරට ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත  සිය සුබ පැතුම් එක් කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය ප්‍රථම විදෙස් චාරිකාව ලෙසයි අනිද්දා සිට 19 වැනිදා දක්වා ඉන්දියාවේ සංචාරය කරන්නේ. එහිදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි මෙන්ම දේශපාලන පක්ෂ නායකයන් රැසක් සමඟ සාකච්ඡා පවත්වනු ඇති.

මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විදේශ තානාපතිවරුන් අතර හමුවක් අද පැවැත්වුණා. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ සියලූ ජාතීන්ට සහෝදරත්වයේ දෑත් දිගු කර සහයෝගීතාව වර්ධනය කර ගැනීම වත්මන් රජයේ විදේශ ප්‍රතිපත්තිය බවයි.