දේශපාලන බලපෑම්වලට යට වන්න එපා - ජනපතිගෙන් පොලීසියට උපදෙස්

Saturday, 14 February 2015 - 8:14

%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A
පොලිස් සේවාව අපක්ෂපාතී සහ නිදහස් සේවාවක් බවට පත් කර සියලූ දෙනාට ගෞරවයෙන් රාජකාරීවල නිරතවීමට අවස්ථාව සලසන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. නීතිය ක්‍රියාත්මක කිරීමේදී දේශපාලන බලපෑම්වලට යටත් නොවන ලෙසයි ජනාධිපතිවරයා පොලීසියෙන් ඉල්ලා සිටියේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම අදහස් පළ කළේ පොලිස්පති, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සමඟ ජනාධිපති කාර්යාලයේ ඊයේ (13) පැවැති හමුවකදියි. සාමාන්‍ය ජනතාවට පොලීසිය, හමුදාවක් නොවිය යුතු බව ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළා.  

මේ අතර, ජනාධිපතිවරයා සහ විදේශ තානාපතිවරුන් අතර හමුවක් ද ඊයේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අවශ්‍ය සංශෝධන සිදුකරමින් විධායක ජනාධිපති ධුරයේ තිබෙන අසීමිත බලතල ඉවත් කර පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමට මේ වන විට පියවර ගනිමින් සිටින බවයි. රටේ දේශපාලන පක්ෂ ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී වුවත් එහි යම් යම් දුර්වලතා පවතිනවා. පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා බොහෝ කණගාටුදායක තත්ත්වයක්. පසුගිය රජය යටතේ සංවර්ධනය සඳහා වැය කළ මුදල් සම්බන්ධයෙන් සිදුව ඇති වංචා, දූෂණ, අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට ද නව රජය පියවර ගන්නවා. විශේෂයෙන්ම උතුරේ ජනතාවගේ සිත් තුළ තිබෙන සැකය, අවිශ්වාසය සහ බිය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම රජයේ වගකීමක්. සංවර්ධනය වන රටක් ලෙස අභියෝගය ජයග්‍රහණය කිරීමේදී සහාය ලබාදෙන ලෙසයි මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විදෙස් තානාපතිවරුන්ගෙන් ඉල්ලා සිටියේ.