Update : ගැබිණි මව්වරුන්ට සැලකීම ගැන පෞද්ගලික බස් සේවකයන්ට පාඩම්

Saturday, 14 February 2015 - 8:35

Update+%3A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B6%9A%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A
මිනිස්කම් ක්ෂයවීම හේතුවෙන් සරණ ලැබිය යුතු බොහෝ දෙනෙකුට සමාජයෙන් අඩු සැලකිලි ලැබෙන බව රහසක් නොවේ. උලපනේ - මහවිල වත්තේ පදිංචි 28 හැවිරිදි ගැබිණි මවක් බස් රථයකින් ඇද වැටී බරපතල තුවාල ලැබීම ඒ අතරතුර වාර්තා වුණු එක් සිද්ධියක්.

නව මස් ගැබිණියක වූ ඇය සිය මව සමඟ නාවලපිටියේ වෛද්‍ය සායනයකට යන්නට පෞද්ගලික බස් රථයකට ගොඩ වුණා. ගැබිණි මව්වරුන් වෙනුවෙන් සෑම බස් රථයකම අසුනක් වෙන් කර තිබුණ ද ඇයට අසුනක් ලබාදෙන්නට කිසිවෙකුත් ඉදිරිපත් වුණේ නැහැ. බස් රථය අධිකවේගයෙන් වංගුවක් ගනිද්දී මේ ගැබිණි මව ඉන් ඉවතට විසි වනවා. පුදුමයට කරුණ නම්, බසයෙන් මහ පාරට ඇද වැටී කෑ ගසන මේ අම්මා දෙස මව් කුසකින් ඉපදුණු බසයේ සිටි කිසිවෙකුත් අවදානය යොමු නොකිරීමයි.

ගම්පොළ රෝහලට ඇතුළත් කළ මෙම මවගේ තත්ත්වය බරපතල වූ නිසා ඇය මහනුවර රෝහලට මාරු කර යැවුණා. රෝහල් අධ්‍යක්ෂවරයා කියා සිටියේ ඇයගේ තත්ත්වය බරපතල බවයි. දරුවා ළමා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. අත්අඩංගුවට ගත් බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා ඊයේ (13) රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර තිබුණේ ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

බස් සේවකයන්ට මේ සඳහා යම් කැපකිරීමක් කළ නොහැකි ද? අප ඒ සම්බන්ධයෙන් විමසුවේ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්නගෙන්. ගැබිණි මව්වරුන්ට සහ පූජ්‍ය පක්ෂයට වෙන් කර ඇති ආසනවල සාමාන්‍ය මගීන් අසුන්ගෙන සිටී නම්, ඔවුන් ඉවත් කිරීමේ වගකීම බස් සේවකයන්ට පවරන බවයි. ඊට අදාළව බස් සේවකයන් දැනුවත් කරන බව ද ඔහු ප්‍රකාශ කළා.

මීට පෙර පල කළ පුවත පහතින් බලන්න :
http://goo.gl/E1ZYf7