තනතුරු සහ ව්‍යවස්ථාව වෙනස් වන නිදහස් පක්ෂයේ විධායක සභාව අද

Saturday, 14 February 2015 - 8:44

%E0%B6%AD%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AF
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව අද (14) පස්වරුවේ රැස්වනවා. පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව ද ඉන් අනතුරුව රැස්වීමට නියමිතයි. මෙම රැස්වීම් බත්තරමුල්ල - ජනකලා කේන්ද්‍රයේ ‘අපේ ගම’ පරිශ්‍රයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලධාරී මණ්ඩලය සහ ව්‍යවස්ථාවේ වෙනස්කම් සිදුකෙරෙන බව එම පක්ෂය ප්‍රකාශ කළා.

නිදහස් පක්ෂයේ නිලධාරී මණ්ඩලය සම්බන්ධයෙන් සහ පක්ෂයේ ව්‍යවස්ථාවේ සිදුකරන වෙනස්කම් පිළිබඳව එහි ජ්‍යෙෂ්ඨ නායකයන් අතර සාකච්ඡාවක් ඊයේ දිනයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්, එම සාකච්ඡාව පැවැත්වුණේ ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේදියි.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා කියා සිටියේ අද දිනයේ උණුසුම් පුවත් කිහිපයක් ලබාදෙන බවයි.

මේ වන විටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධුරය පුරප්පාඩු වී තිබෙනවා. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ විදේශ ගතවීමෙන් අනතුරුව තනතුරෙන් ඉල්ලා අස්වන බවට පක්ෂ මහලේකම්ට දැනුම් දීමත් සමඟයි.