වැලිමඩ - ඇටැම්පිටියේ අවමංගල්‍ය උත්සවයක ඇති වූ ගැටුමකින් තවත් මරණයක්

Saturday, 14 February 2015 - 10:22

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B6%A9+-+%E0%B6%87%E0%B6%A7%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA%E0%B6%9A+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%96+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
වැලිමඩ - ඇටැම්පිටිය - දවටගහඋල්පත ප්‍රදේශයේ අවමඟුල් උත්සවයකදී දෙපිරිසක් අතර ඊයේ ඇතිවූ ගැටුමකින් එක් අයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ රාත්‍රී 9.30 ට පමණ මෙම ගැටුම හටගෙන ඇති බවයි. පෞද්ගලික ආරවුලක් ඊට හේතුවී ඇති අතර මියගිය පුද්ගලයා එම ප්‍රදේශයේම පදිංචි 53 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි අයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කළේ.