ජිනිවා වාර්තාව කල් දැමීම ගැන තමාට තීරණයක් ගත නොහැකියි - බෑන් කී මූන්

Saturday, 14 February 2015 - 13:23

%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B6%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%93+%E0%B6%B8%E0%B7%96%E0%B6%B1%E0%B7%8A
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මාර්තු මාසයේ ජිනිවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කෙරෙන වාර්තාව කල් තැබීම සම්බන්ධයෙන් තීරණ ගත හැක්කේ ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයාට බව එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් ප්‍රකාශ කළා. ඒ, විදේශ අමාත්‍ය මංගල සමරවීර, සමඟ නිව්යෝක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේ ඊයේ පැවැති හමුවකදියි.

අමාත්‍ය මංගල සමරවීර මේ වන විට ඇමරිකාවේ සංචාරයක නිරත වන්නේ මාර්තු මාසයේ පැවැත්වෙන මානව හිමිකම් කොමිසමේ සැසි වාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන වාර්තාව ප්‍රමාද කර ගැනීම ප්‍රධාන අරමුණක් කර ගනිමින්. ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ද විදේශ අමාත්‍ය මංගල සමරවීර පෙරේදා හමුවුණා. පසුව ඔහු ඊයේ ජගත් මහලේකම් බෑන් කී මූන් මුණ ගැසුණු අතර එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන කරුණු රැසක් සාකච්ඡා කර තිබෙනවා. මෙරට මානව හිමිකම්, වගවීම සහ සංහිඳියා ක්‍රියාවලිය සම්බන්ධයෙන් සාකච්ඡාවේදී අවධානය යොමු වූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කළා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන වාර්තාව ප්‍රමාද කිරීම පිළිබඳව ද අවධානය යොමු වී ඇති අතර එහිදී ජගත් මහලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ ඒ පිළිබඳ තීරණය මානව හිමිකම් කොමසාරිස් සෙයිඞ් අල් හුසෙන් විසින් ගත යුතු බවයි. මෙම වාර්තාව මාර්තු 25 වන දායි ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ.