ඉන්දීය සංචාරයේදී 13 ගැන කතා කරන්න - සම්බන්ධන්, මෝදිගෙන් ඉල්ලයි

Saturday, 14 February 2015 - 13:45

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+13+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ඉන්දීය සංචාරයේදී 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කරන ලෙස දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරනවා. හින්දු පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෞද්ගලිකව මේ සම්බන්ධයෙන් අවදානයක් යොමු කරනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය ප්‍රථම විදෙස් චාරිකාව ලෙසයි හෙට සිට 19 වැනිදා දක්වා ඉන්දියාවේ සංචාරය කරන්නේ. එහිදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි මෙන්ම දේශපාලන පක්ෂ නායකයන් රැසක් සමඟ සාකච්ඡා පවත්වනු ඇති.