Update: ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව තනතුරු

Saturday, 14 February 2015 - 16:05

Update%3A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%AD%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ජාතික සංවිධායකවරයා ලෙස හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත තෝරා පත්කරගෙන තිබෙනවා. ඒ, බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (14) පැවති විධායක සභාවේදීයි. ජාතික සංවිධායක ධුරයට අමතරව පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. නාවින්න සහ මහ ලේකම්වරයා ලෙස අනුර ප්‍රියදර්ශන යාපා පත්කර ගැනුණා. මීට අමතරව සෙසු නිලධාරීන්ද පත්කර ගැනීමට විධායක සභාව එකඟතාවය පළ කළ බවයි නව උප සභාපතිවරයෙකු ලෙස තේරී පත්වූ අමාත්‍ය රාජිත සේනාරත්න මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේ.

විධායක සභාවේදී ගන්නා ලද තීරණ ඉන් පසුව පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා කාරක සභාව වෙත ද යොමුකෙරුණා. එහිදී ද විධායක සභාවේ තීරණ සම්මත වී තිබෙනවා. සමස්ත ලංකා කාරක සභාව අවසන් වීමෙන් පසුව එය පැවති බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ උණුසුම්කාරි තත්ත්වයක් ඇති වුණා. ඒ පළාත් පාලන ආයතන නියෝජිතයන් පිරිසක් තමන්ට සමස්ත ලංකා කාරක සභාවේදී අදහස් දැක්වීමට අවස්ථාව නොලැබුණු බව පවසමින් විරෝධතාවය පළ කිරීමත් සමඟයි.



Update: Saturday, 14 February 2015 - 07:33 PM
........................................................................
නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සුසිල් - භාණ්ඩාගාරික එස්.බී නාවින්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ජාතික සංවිධායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත පත්කර තිබෙනවා. එමෙන්ම, භාණ්ඩාගාරික ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී නාවින්න සහ මහලේකම් ධුරය සඳහා නැවත වරක් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා. බත්තරමුල්ල - අපේ ගම පරිශ්‍රයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීම අවසන් වීමෙන් අනතුරුව අදහස් දැක්වූ අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේ අදාළ තිරණය දැන් පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා කාරක සභාව වෙත යොමුකර ඇති බවයි.


මීට පෙර පල කළ පුවත පහතින් බලන්න :

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා කාරක සභාව අවසන් වීමෙන් පසු උණුසුම් තත්වයක්