අත්අඩංගුවේ පසු වූ අවසන් ශ්‍රී ලාංකික ධීවරයන් පිරිසත් නිදහස්

Saturday, 14 February 2015 - 19:20

%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%80%E0%B7%96+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ඉන්දීය සංචාරයට සමගාමීව ඉන්දීය අත්අඩංගුවේ සිටි අවසන් ශ්‍රී ලාංකික ධීවරයන් 6 දෙනා සහ ධීවර බෝට්ටු 27 අද (14) නිදහස් කළා. ශ්‍රී ලාංකික ධීවරයන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කළ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. යෝගරාජන් ප්‍රකාශ කළේ ඉන්දීය වෙරළාරක්ෂක බලධාරින් අද පෙරවරුවේ ශ්‍රී ලාංකික ධීවරයන් පිරිස භාරදුන් බවයි.

මෙරට අත්අඩංගුවේ තිබූ අවසන් ධීවර බෝට්ටු 87 ඊයේ නිදහස් කළා. පසුගියදා මෙරට අත්අඩංගුවේ සිටි අවසන් ඉන්දීය ධීවරයන් පිරිස ද නිදහස් කිරීමට පියවර ගැනුණා. සතියක පමණ කාල සීමාවක් තුළ ඉන්දීය බලධාරින් සහ මෙරට බලධාරින් අතර පැවති සාකච්ඡා වට කිහිපයක ප්‍රතිඵල ලෙසයි මෙම ධීවරයන් නිදහස් කිරීම සිදුකරනු ලැබුවේ.

මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ඉන්දීය සංචාරයේදී 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කරන ලෙස දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්්ලීමක් කළා. හින්දු පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෞද්ගලිකව මේ සම්බන්ධයෙන් අවදානයක් යොමු කරනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය ප්‍රථම විදෙස් චාරිකාව ලෙසයි හෙට සිට 19 වැනිදා දක්වා ඉන්දියාවේ සංචාරය කරන්නේ. එහිදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි මෙන්ම දේශපාලන පක්ෂ නායකයන් රැසක් සමඟ සාකච්ඡා පවත්වනු ඇති.