පාසල් දරුවන්ට උදේ ආහාර දෙන්න සභාවක් එයි

Sunday, 15 February 2015 - 7:57

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%8B%E0%B6%AF%E0%B7%9A+%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%BA%E0%B7%92
පාසල් දරු දැරියන් සඳහා පෝෂ්‍යදායී උදෑසන ආහාරවේලක් ලබාදීමේ හැකියාව පිළිබඳ සොයා බැලීමට කැබිනට් අනුකාරක සභාවක් පත්කර තිබෙනවා. අවසන් කැබිනට් හමුවේදී කළ ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයා විසින් මෙම අනුකාරක සභාව පත්කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සඳහන් කළේ.

පාසල් ළමයින් බොහෝවිට උදෑසන ආහාරවේල නොගෙන පාසලට පැමිණීමේ ප්‍රවණතාවක් දක්නට ලැබුණේ බොහෝකලක සිටයි. මේ හේතුවෙන් පාසල් ළමයින්ගේ පෝෂණය පිළිබඳ ගැටළු මතුව තිබෙනවා.

එමෙන්ම පෙරේදා දිනයේ බලංගොඩ - බුලත්ගම මහා විද්‍යාලයේ 03 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ‘වාසනා සෙව්වන්දි’ දැරිය උදෑසන රැස්වීම අතරතුර හදිසියේ ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත්වුණා.