තවත් පුංචි මල් කැකුළක් අතුරුදන්

Sunday, 15 February 2015 - 8:24

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%9A%E0%B7%94%E0%B7%85%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
දඹුලූ ඔයේ දියනෑමට ගිය වයස අවුරුදු දෙකක කුඩා පිරිමි දරුවෙකු දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ පවුලේ අය සමඟ දියනෑමට ඊයේ (14) පස්වරුවේ ගිය අවස්ථාවේදී මෙම අනතුරට ලක්ව ඇති බවයි. අතුරුදන් වූ කුඩා දරුවා වාලච්චේන ප්‍රදේශයේ සිට දෙමව්පියන් සමග කැකිරාව ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණි අවස්ථාවේදී මෙලෙස දඹුලූ ඔයේ දියනෑමට ගොස් තිබෙනවා. දරුවාගේ සිරුර සොයා පොලිසිය සහ කිමිදුම්කරුවන් මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරුන් පවසන්නේ.









ඡායාරූප - කාංචන කුමාර ආරියදාස