යුක්රේන සටන් විරාමය ඇරඹේ

Sunday, 15 February 2015 - 13:42

%E0%B6%BA%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%BB%E0%B7%9A%E0%B6%B1+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
යුක්රේන රජයේ හමුදා සහ රුසියානු හිතවාදී කැරළිකරුවන් අතර සටන් විරාමය ඊයේ මැදියම් රැයේ සිට ආරම්භ වුණ. කෙසේ නමුත් නැගෙනහිර යුක්රේනයේ ඇතැම් ස්ථානවල තවදුරටත් ෂෙල්වෙඩි ප්‍රහාර අසන්නට ලැබුනු බව විදෙස් මාධ්‍ය සඳහන් කළා. යුක්රේන ජනාධිපති පොරෂෙන්කෝ රුසියානු ජනාධිපති පුටින්, ජර්මන් සහ ප්‍රංශ නායකයන් සමග මෙම සටන් විරාමය ඇති කරගත්තේ බෙලරූස් ජන රජයේ මින්ක්ස් නුවර පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි.