18 වැනිදා රැස්වීමට ශ්‍රි.ල.නි.ප. සාමාජිකයන් එනවා

Sunday, 15 February 2015 - 12:37

18+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8F+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92.%E0%B6%BD.%E0%B6%B1%E0%B7%92.%E0%B6%B4.+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%B1%E0%B7%80%E0%B7%8F
මේ මස 18 වැනිදා නුගේගොඩ පැවැත්වෙන මහජන රැළියට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ද එක්වන බවට දැනුම්දී ඇති බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ 18 වැනිදා පැවැත්වෙන රැලියට තම පක්ෂයේ සම්බන්ධයක් නොමැති බවයි.  

ඒ සම්බන්ධයෙන් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පියසිරි විජේනායක  මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. ඔහු කියා සිටියේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් බස්වලින් මෙම සමුළුවට පැමිණෙන බවට දැනටමත් ප්‍රකාශ කර ඇති බවයි.