පනුවන් සහිත රට ඉදි කිලෝ 24,000ක්

Sunday, 15 February 2015 - 19:12

%E0%B6%B4%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%89%E0%B6%AF%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+24%2C000%E0%B6%9A%E0%B7%8A
මිනිස් පරිභෝජනයට නුසුදුසු, පනුවන් සහිත රට ඉදි කිලෝග්‍රෑම් 24,000ක් බෙදා හැරීමට සූදානම් කර තිබියදී පාරිභෝගික සේවා අධිකාරිය අද (15) සොයාගෙන තිබෙනවා. හිරු ටී.වී. සී.අයි.ඒ. වෙත ලැබුණු තොරතුරක් මත පාරිභෝගික සේවා අධිකාරිය දැනුවත් කිරීමෙන් අනතුරුවයි අදාළ වැටලීම සිදුකර ඇත්තේ. කැළණිය - බියගම පාර ප්‍රදේශයේ නිවසක අදාළ රට ඉදි තොග වෙළදපොළට නිකුත් කිරීම සඳහා පාර්සල් කර තිබියදී සොයා ගත්තා.  රටඉදිවල සිටින පනුවන් සහ ගුල්ලන් විනාශ කිරීම සඳහා කෘමි නාශක යොදා තිබූ බවට ද හෙළිදරව් වී තිබෙනවා.