කොළඹ එන වාහනවලට බද්දක් යෝජනා කරයි

Sunday, 15 February 2015 - 19:27

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%91%E0%B6%B1+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
කොළඹට ඇතුළු වන රථ වාහන සඳහා බද්දක් අය කළ යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ ඉන්ධන මිල අඩුවීමත් සමඟ කොළඹට පැමිණෙන ජනතාව රථ වාහන භාවිතයට යොමු වී ඇති බවයි. එබැවින් තදාසන්න ප්‍රදේශවල රථ වාහන තදබදයක් ද පවතින බව ඔහු පෙන්වා දුන්නා. මේ හේතුවෙන් විශාල මුදලක් රටට අහිමි වන බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. ජනතාව පෞද්ගලික වාහන භාවිතය හේතුවෙන් බස් කර්මාන්තය දැඩි අවදානමකට පත්ව ඇති බව ද කොළඹ අද (15) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ගැමුණු විජේරත්න වැඩිදුරටත් සදහන් කළා.