අගමැතිගෙන් හෙළිවූ ආරුගම්බේ හෙළිදරව්ව

Sunday, 15 February 2015 - 19:30

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%96+%E0%B6%86%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%9A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80
පසුගිය ආණ්ඩුව සමයේ පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව ජාත්‍යන්තර සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ආරුගම්බේ ප්‍රදේශයේ ඉදිකර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (15) අනාවරණ කළා. ජනාධිපති ලේකම් කාර්යාලයේ මුදල් මේ සඳහා වැය කර ඇති බවයි ගාල්ල - උළුවිටිකේ ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂ සාමාජික හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ. ඊට පාර්ලිමේන්තු අනුමැතිය ද හිමි නොවී ඇති බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මීට අමතරව නිවාඩු නිකේතන 57ක් ද අධික වියදමකින් යුක්තව සකසා ඇති බවට මේ වන විට හෙලි වී ඇති බවයි අද පැවැති ජන හමුවකට එක්වෙමින් වැඩිදුරටත් සඳහන් කළේ.