Update : නිලධාරීන් සිටියදී කැටපත්පවුරට හානි කළේ කෙසේද?

Monday, 16 February 2015 - 7:54

Update+%3A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%90%E0%B6%A7%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B6%9A%E0%B7%85%E0%B7%9A+%E0%B6%9A%E0%B7%99%E0%B7%83%E0%B7%9A%E0%B6%AF%3F
සීගිරිය කැටපත් පවුරට හානි කිරීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මඩකලපුව ප්‍රදේශයේ 27 හැවිරිදි තරුණියක් සීගිරිය නැරඹීමට පැමිණි අවස්ථාවේදී පසුගිය සෙනසුරාදා කැටපත් පවුරට හානි කිරීම හේතුවෙන් මේ මස 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකළා.

එහිදී අදාළ තරුණිය කැටපත් පවුරේ ඇයගේ නම සහ ස්තූතියි යන්න සටහන් කර ඇති බව සඳහන්. 

සීගිරිය කැටපත් පවුර නැරඹීමට පැමිණෙන පුද්ගලයන්ට එය විකෘති නොකරන ලෙස සිංහල, දෙමළ සහ ඉංගී‍්‍රසි භාෂා ත්‍රිත්වයෙන්ම දැනුවත් කරමින් පුවරු ප්‍රදර්ශනය කර තිබීමද විශේෂත්වයක්. මීට  අමතරව කැටපත් පවුරේ  ආරක්ෂාවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විශේෂ අධීක්ෂණ නිලධාරීන් දෙදෙනෙකුද එම ස්ථානයට යොදවා තිබෙනවා. එසේ නිලධාරීන් යොදවා තිබියදීත් කැටපත් පවුරට හානි කිරීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මීට පෙරද පසුගිය 2014 වසරේ නොවැම්බර් මාසයේදීද මඩකලපුව ප්‍රදේශයේ පාසලක උසස් පෙළ හදාරන සිසුවියක් කටුවකින් කැටපත් පවුරේ කුරුටු ගී මත සිය නම ලිවීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගැනුණා.

මීට පෙර පල කළ පුවත පහතින් බලන්න :
http://goo.gl/iIcu4K















ඡායාරූප - මහින්ද උදයසිරි රත්නායක