අතුරුදන්වූ තරුණයන් දෙදෙනාගේ සිරුරු සොයාගැනේ

Monday, 16 February 2015 - 8:02

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
කාසල්රී ජලාශයේ දිය නෑමට ගොස් අතුරුදන් වූ තරුණයන් දෙදෙනාගේ මළ සිරුරු නාවික හමුදාව ඊයේ සොයාගෙන තිබෙනවා. හැටන් - දික්ඔය ප්‍රදේශයේ තරුණයන් තුන්දෙනෙකු මෙලෙස දිය නෑමට ගොස් ඇති අතර ඉන් තරුණයන් දෙදෙනෙකුයි දියේ ගිලී අතුරුදන් වුණේ. පසුව නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව ඔවුන් සෙවීමේ මෙහෙයුමක් දියත් කළා. මිය ගිය තරුණයන් දෙදෙනාගෙන් එක් අයෙකු පාසල් සිසුවෙක්.

මේ අතර, දඹුලූ ඔයේ දියනෑමට ගිය වයස අවුරුදු දෙකක කුඩා පිරිමි දරුවෙක් ද පසුගිය දා දියේ ගිලී ජීවිතක්ෂයට පත්වුණා. වාලච්චේන ප්‍රදේශයේ සිට දෙමව්පියන් සමග කැකිරාව ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණි අවස්ථාවේදීයි දරුවා මෙලෙස අනතුරට පත්වී ඇත්තේ.