වන අලි තර්ජනය මඩින්න ජීව අලි වැටක්

Monday, 16 February 2015 - 8:06

%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B8%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%A2%E0%B7%93%E0%B7%80+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A
වන අලි තර්ජනය අවම කිරීම සඳහා අත්හදා බැලීමේ පියවරක් ලෙස ජීව වැටක් ඉදිකිරිමට වනජීවී දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව හණ, බෝගන්විලා සහ දෙහි යන ශාඛවලින් සමන්විත වැටක් මේ අනුව ඉදි කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ වනවිටත් එම ශාඛ රෝපණයන්ගෙන් යුත් අලි වැටක් කන්තලේ වැව අසළ සිට අයිල්අඩිය දක්වා කිලෝමීටර් 22ක ප්‍රමාණයක් ඉදිකිරීම ආරම්භ කර ඇති බවයි වාර්තාවන්නේ. චීනයේද මෙම ක්‍රමය ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක කෙරෙන බවයි වනජීවී දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ අතර, මාතලේ - නාවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගම් කිහිපයකට පවතින වන අලි ගැටළුව විසඳීම සඳහා පසුගිය රජය විසින් රුපියල් එක්කෝටි තිස් ලක්ෂයක වියදමින් අලි වැටක් ඉදිකිරීමට කටයුතු කළත් තවමත් එය ඉදිවී නොමැති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.