ජාතික රෝහලේ බාහිර රෝගී ප්‍රතිකාර දැන් 10 වෙනකන්

Monday, 16 February 2015 - 8:49

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B6%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%93+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+10+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A
කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී ප්‍රතිකාර සේවාව අද සිට රාත්‍රී 10 දක්වා ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ජාතික රෝහලේ පමණක් මෙම සේවාව දැනට ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවයි රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. අනෙකුත් රෝහල්ද මෙම ක්‍රමය අනුගමනය කරන්නේ නම් රෝගීන්ට වැඩි සේවාවක් ලබාදිය හැකි බවයි අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් කියා සිටියේ. මීට පෙර මෙම සේවාව ක්‍රියාත්මක වූයේ උදෑසන 8 සිට රාත්‍රී 8 දක්වා කාලය තුළ  පමණයි.