සීගිරිය කැටපත් පවුරට කුරුල්ලොත් හානි කරයි

Monday, 16 February 2015 - 12:52

%E0%B7%83%E0%B7%93%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%90%E0%B6%A7%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
සීගිරිය කැටපත් පවුරේ කොටසකට නැවත වරක් කුරුළු වසුරු වැටීමට පටන් ගෙන තිබෙනවා. මීට වසර කිහිපයකට පෙර ද මේ ආකාරයෙන් කැටපත් පවුර මත කුරුළු වසුරු වැටීම හේතුවෙන් එය අපවිත්‍ර වූ අතර පසුව ඉවත් කිරීමට පුරාවිද්‍යා බලධාරින් කටයුතු කළා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එච්.ඞී.එස් මල්කාන්තිගෙන් විමසීමක් කළා. එහිදී ඇය කියා සිටියේ තමන්ට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.

කුරුලූ වසුරු හේතුවෙන් සීගිරියේ කැටපත් පවුරට හානි සිදුවීම සම්බන්ධයෙන්  හිරු ප්‍රවෘත්ති අංශය මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරිය ව්‍යාපෘති කළමනාකරු චන්දන විරසිංහගෙන් විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ ඒ පිළිබඳව සොයා බලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට තොරතුරු ලබාදෙන බවයි.

මේ අතර, පසුගිය සෙනසුරාදා සීගිරිය නැරඹීමට ගිය අවස්ථාවේදී කැටපත් පවුරට හානි කිරීම හේතුවෙන් මඩකලපුව ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණියක් මේ මස 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ අදාළ තරුණිය කැටපත් පවුරේ ඇයගේ නම සහ ස්තුතියි යන්න සටහන් කර තිබීම හේතුවෙන්.