Update: ආබාධිතයෙකුට පොලිස් ප්‍රහාර

Monday, 16 February 2015 - 14:12

Update%3A+%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB
වැලි ගොඩදැමීමට එරෙහිව අද (16) උදෑසන පැවැත්වූ විරෝධතාවකදී පොලිස් පහරදීමක් සිදුවූ බවට මාදම්පේ - ගල්මුරුව ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. සිද්ධියෙන් පහරකෑමට ලක් වූ 32 හැවිරිදි ආබාධිත පුද්ගලයෙකු ගල්මුරුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව හලාවත මහරෝහලට මාරුකර යැවුණා. කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.                                                                            

වැලි ගොඩදැමීමට එරෙහිව විරෝධතාවයේ නිරත වූ පුද්ගලයන් 4 දෙනෙකු අද උදෑසන පොලීසිය අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන් මුදා හරින ලෙස ඉල්ලා විරෝධතාකරුවන් පොලීසියට ඉදිරිපිටට රොක් වුණා. අත්අඩංගුවට ගත් පුද්ගලයන් පොලිස් ඇප මත මුදා හරිනු ලැබුව ද ඔවුන්ට පහර දී ඇති බවයි විරෝධතාකරුවන් ප්‍රකාශ කළේ. ඉන් පසුව ප්‍රදේශවාසීන් මාදම්පේ - ගල්මුරුවේදී නැවතත් විරෝධතාවක් ආරම්භ කළේ පොලිස් පහරදීමක් සිදුවූ බවට චෝදනා කරමින්.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සිද්ධිය පිළිබඳව තමන්ට මෙතෙක් තොරතුරු ලැබී නොමැති බවයි.


Update: Monday, 16 February 2015 - 07:21 PM
........................................................................

ප්‍රදේශයේ සිදුකෙරෙන වැලි ගොඩදැමීමට එරෙහිව අද උදෑසන පැවැත්වූ විරෝධතාවකට පොලීසිය පහරදුන් බවට මාදම්පේ - ගල්මූරුව ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. පහරකෑමට ලක්වූ 32 හැවිරිදි ආබාධිත පුද්ගලයෙකු ගල්මුරුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු හලාවත මහ රෝහලට මාරු කර යැවුණු බවයි එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.  

මේ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය  පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණගෙන් කරුණු විමසා සිටියා. ඔහු කියා සිටියේ මෙවැනි පහරදීමක් සිදුව ඇත්නම් ඒ පිළිබඳව පරීක්ෂණ සිදුකිරීමට කටයුතු කරන බවයි.















ඡායාරූප - සුමුදු ජයමාන්න