Update: පාලිත කොහොන වෙනුවට ජගත් සංවිධානයට රොහාන් පෙරේරා

Monday, 16 February 2015 - 15:14

Update%3A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B1+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BB%E0%B7%9C%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F
නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ලෙස ආචාර්ය රොහාන් පෙරේරා පත් කිරීමට නියමිතයි. ඔහුගේ නම පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව වෙත අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව ද විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර පසුගියදා ජගත් මහලේකම් බෑන්කී මූන් හමුවූ අවස්ථාවට ද ආචාර්ය රොහාන් පෙරේරා එක්වුණා. එහිදී විදේශ කටයුතු අමාත්‍යවරයා මීළඟ නිව්යෝක් හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ලෙස රොහාන් පෙරේරා, බෑන්කී මූන්ට හඳුන්වා දී තිබෙනවා. ආචාර්ය රොහාන් පෙරේරා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නීති උපදේශකවරයා ලෙස වසර 32 ට අධික කාලයක් කටයුතු කළ අයෙක්. උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ ආචාර්ය රොහාන් පෙරේරා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ක්‍රියාකාරී කමිටුවල ද කටයුතු කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තනතුරේ මීට පෙර කටයුතු කළේ ආචාර්ය පාලිත කොහොනයි. ආචාර්ය පාලිත කොහොන නිව්යෝක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයෙන් සමු ගත් බව මහලේකම් බෑන් කී මූන්ගේ ප්‍රකාශකයා පසුගිය දා පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.



Update: Monday, 16 February 2015 - 07:55 PM
.........................................................


නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ලෙස ආචාර්ය රොහාන් පෙරේරා පත් කිරීමට නියමිතයි. ඔහුගේ නම මේ වනවිට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව වෙත අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව ද විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර පසුගියදා ජගත් මහලේකම් බෑන්කී මූන් හමුවූ අවස්ථාවට ද ආචාර්ය රොහාන් පෙරේරා එක්වුණා. එහිදී විදේශ කටයුතු අමාත්‍යවරයා මීළඟ නිව්යෝක් හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ලෙස රොහාන් පෙරේරා, බෑන්කී මූන්ට හඳුන්වා දෙනු ලැබුවා. ආචාර්ය රොහාන් පෙරේරා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නීති උපදේශකවරයා ලෙස වසර 32 ට අධික කාලයක් කටයුතු කර තිබෙනවා. මීට පෙර මෙම තනතුරේ කටයුතු කරනු ලැබුවේ ආචාර්ය පාලිත කොහොනයි.