ජනපති, මෝදි හමුවෙයි

Monday, 16 February 2015 - 15:27

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%2C+%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සිය ප්‍රථම විදෙස් චාරිකාව ලෙස ඉන්දියාවේ සිව් දින සංචාරක නිරත වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (16) මුණ ගැසුණා. නායකයන් දෙදෙනා අතර සාකච්ඡාව දෙරටේ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමේ අරමුණින් පැවැත්වුණු බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ. විශේෂයෙන් මෙරට සාමය සහ සංහිදියා ක්‍රියාවලිය පිළිබදව මෙන්ම ශ්‍රී ලංකාවේ ඉන්දීය විදුලිබල ව්‍යාපෘති සහ මෙරට දෙමළ ජනතාවගේ ගැටළු පිළිබදව මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කිරීමට නියමිතව තිබූ බව එම මාධ්‍ය වැඩිදුරටත් ප්‍රකාශ කළා. කෙසේ නමුත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර සාකච්ඡාවෙන් අනතුරුව ඒ පිළිබදව නිළ නිවේදනයක් මෙතෙක් නිකුත් කර නැහැ.