පිළියන්දල බැංකු කොල්ලය

Monday, 16 February 2015 - 17:39

%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BD+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA
පිළියන්දල - බෝකුන්දර ප්‍රදේශයේ වාණිජ බැංකුවක් අද (16) පස්වරුවේ පුද්ගලයන් දෙදෙනෙකු කොල්ල කා රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදලක් රැගෙන ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළා. මුහුණු ආවරණය කර ගත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම කොල්ල කෑම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේ.