සන්ධානය, මැතිවරණයේදී පිල් දෙකකට - හිටපු ඇමති බන්දුල

Monday, 16 February 2015 - 19:25

%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%2C+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B6%A7+-+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%BD
ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය පිල් දෙකකට බෙදෙනු ඇතැයි හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. කොළඹ දී අද (16) කැදවනු ලැබූ මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ සන්ධානයේ ඇතැම් කොටස් මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණින් තරඟ කරනු ඇති බවයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වය පක්ෂයට අත්‍යවශ්‍ය බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.