හමුදාවේ මේජර් ජෙනරාල්වරුන් 15ක් ඇතුළු 18කට මාරුවීම්

Monday, 16 February 2015 - 21:39

%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B7%9A%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A+%E0%B6%A2%E0%B7%99%E0%B6%B1%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+15%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+18%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A
ශ්‍රී ලංකා යුද හමුදාවට අනුයුක්තව සේවය කළ මේජර් ජෙනරාල්වරුන් 15 දෙනෙකු සහ බ්‍රිගේඩියර්වරුන් තුන්දෙනෙකුට ස්ථාන මාරු වීම් ලබාදී තිබෙනවා. වැඩ බලන හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ යුද හමුදාපති ලූතිනන් ජනරාල් දයා රත්නායකගේ අනුමැතිය අනුව මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි. ඒ අනුව අද (16) සිට ඔවුන් අදාළ සේවා ස්ථාන වෙත වාර්තා කළ යුතු වනවා.