ශ්‍රී ලංකාව පිළිබඳ ජිනිවා වාර්තාව ප්‍රකාශයට පත් කිරීම කල් යයි

Tuesday, 17 February 2015 - 7:52

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ලබන මස ජිනිවා නුවර දී එළිදැක්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ පරීක්ෂණ වාර්තාව ප්‍රකාශයට පත් කිරීම පමා කිරීම සඳහා ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයාගේ කැමැත්ත පළ වී තිබෙනවා. රොයිටර් පුවත් සේවය සදහන් කළේ ඒ් සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිඞ් රාද් අල් හුසේන් කුමරු මානව හිමිකම් මණ්ඩලයේ සභාපතිවරයා වෙත ලිපියක් යවා ඇති බවයි. එමගින් මෙරට පැවැති යුද්ධය පිළිබඳ ජගත් සංවිධාන පරීක්ෂණ වාර්තාව මාර්තු මාසයේ පැවැත්වෙන ජිනිවා සැසියේදී ප්‍රකාශයට පත් නොකළ යුතු බවට නිර්දේශ කර ඇති බව සදහන්. එය සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන මානව හිමිකම් මණ්ඩලයේ 30 වන සැසි වාරය වෙත ඉදිරිපත් කිරීමටයි ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා නිර්දේශ කර ඇත්තේ.

ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිඞ් රාද් අල් හුසේන් කුමරු මානව හිමිකම් මණ්ඩලයේ සභාපතිවරයා වෙත යැවූ ලිපියේ පිටපතක් තමන්ට දැක ගත හැකි වූ බවයි රොයිටර් පුවත් සේවය සඳහන් කළේ. එහිදී ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ වෙනස් වන වාතාවරණය සැලකිල්ලට ගෙන තමා එම ඉල්ලීම සිදුකරන බවයි. වඩාත් පුළුල් සහයෝගීතාවක් සඳහා ලක් රජයෙන් සංඥාවක් ලැබී තිබෙනවා. එමෙන්ම වාර්තාවට නව තොරතුරු ඇතුළත් කළ හැකියි. මේ හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳ ජගත් සංවිධාන පරීක්ෂණ වාර්තාව ප්‍රකාශයට පත් කිරීම පමා කළ යුතු බවට මානව හිමිකම් කොමසාරිස්වරයා නිර්දේශ කර තිබෙනවා.