මැදපෙරදිග ත්‍රස්තවාදය මඬින්න ජපානයෙන් ඩොලර් මිලියන 15.5ක්

Tuesday, 17 February 2015 - 12:06

%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%9C+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AC%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+15.5%E0%B6%9A%E0%B7%8A
මැදපෙරදිග සහ අප්‍රිකානු කලාපයේ ත්‍රස්තවාදය මැඬලීම සඳහා ඩොලර් මිලියන 15.5ක් ලබාදීමට ජපානය තීරණය කර තිබෙනවා. පසුගිය ජනවාරි මාසයේ බ්‍රසල්ස් නුවර දී ජපාන විදේශ අමාත්‍යවරයා පොරොන්දු වූයේ ත්‍රස්තවාදයට එරෙහි සටනට ඩොලර් මිලියන 7.5ක් ලබාදීමටයි. එහෙත් පසුගිය කාලය තුළ අයි.එස්. කැරළිකරුවන්ගේ ප්‍රචණ්ඩත්වය ජපානයට ද බලපෑම් එල්ල කළා. ඒ, සිරියාවේදී අයි.එස්. ග්‍රහණයට පත්වූ ජපාන ජාතිකයන් දෙදෙනෙකු ගෙළ සිඳ ඝාතනය කිරීම හේතුවෙන්. ජපානය ත්‍රස්තවාදයට එරෙහි සටන සඳහා ලබාදෙන මුදල දෙගුණයක් කිරීමට තීරණය කර ඇත්තේ ඉන් අනතුරුවයි.