උතුර පළාත් සභාව රටේ සමඟිය බිඳ දමනවා

Tuesday, 17 February 2015 - 18:46

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B7%92%E0%B6%B3+%E0%B6%AF%E0%B6%B8%E0%B6%B1%E0%B7%80%E0%B7%8F
දේශීය යාන්ත්‍රනයක් වෙනුවට ජාත්‍යන්තර යුද අපරාධ පරීක්ෂණයක් ඉල්ලා උතුර පළාත් සභාව පසුගියදා සම්මත කරගත් යෝජනාවට ජනතා විමුක්ති පෙරමුණ සිය විරෝධය පළ කරනවා. එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියා සිටියේ මෙවැනි යෝජනාවක් තුළින් ජාතිවාදය යළි ඉස්මතු කිරීමට උතුර පළාත් මහ ඇමතිවරයා උත්සාහයක නිරතවන බවයි.

යුද සමයේ දෙමළ ජනතාවට සිදු වූ බව කියන හිරිහැර සම්බන්ධයෙන් සෙවීමට ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවට උතුර පළාත් සභාව යෝජනාවක් සම්මත කරගනු ලැබුවේ පසුගිය අඟහරුවාදායි. මෙවැනි යෝජනාවක් උතුර පළාත් සභාව සම්මත කරගැනීම රජයේ ස්ථාවරය නොවන බවද පසුගියදා අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළා.

මේ අතර බොදුබල සේනා සංවිධානය කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා උතුර පළාත් සභාව සම්මත කරගත් යෝජනාව සම්බන්ධයෙන් අදහස් පළවුණා. මේ එම මාධ්‍ය හමුවට එක්වෙමින් එහි මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්  කියා සිටියේ උතුර පළාත් මහ ඇමතිවරයා සිදුකරන්නේ අපට අයත් ඉඩමක  පදිංචිවී එහි ඔප්පුව ඉල්ලීම වැනි කටයුත්තක් බවයි.