බලහත්කාරයෙන් ජනතා හදවත්වලින් ඈත් කරන්න බැහැ

Tuesday, 17 February 2015 - 18:49

%E0%B6%B6%E0%B6%BD%E0%B7%84%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B7%84%E0%B6%AF%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%88%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් බලහත්කාරයෙන් ජනතා හදවත්වලින් ඈත් කළ නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ තංගල්ල නගර ශාලාවේ අද (17) පැවති හම්බන්තොට දිස්ත්‍රික් සමෘද්ධි නිලධාරීන්ගේ රැස්වීමකට එක්වෙමින්.

මෙහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියේ රට එක්සේසත් කළ නිසා තමන්ට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට උතුර සහ නැගෙනහිර පළාත්වල ජනතාවට අවස්ථාවක් හිමිවූ බවයි. එම ජනතාව ජනාධිපතිවරණයේදී තමන් වෙනුවෙන් ඡන්දය භාවිත කළේ නම් එහි ජයග්‍රහණය තමන්ට ලබාගැනීමට හැකිවන බව ඔහු ප්‍රකාශ කළා. ජනතා මතයට හිස නමමින් පැය 24 ක් යාමටත් මත්තෙන් අරලියගහ මන්දිරයෙන් නික්මුණු බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙහිදී කියා සිටියේ. දේශපාලන වශයෙන් සිදුවන මඩගැසීම් සහ  අපහාස කිරීම් නතර කළ යුතු බවට තමන් දැඩි සේ විශ්වාස කරන බවද ඔහු සඳහන් කළා. ‘‘ගහන්න, ගහන්න, වඳින කෙනා සහ වඳින්න, වඳින්න ගහන කෙනා මෝඩයා’’ යන සිංහල කියමනද හිටපු ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කිරීම විශේෂත්වයක්.