උමා ඔය ව්‍යාපෘතියෙන් භූගත ජල සොරකමක්

Wednesday, 18 February 2015 - 8:07

%E0%B6%8B%E0%B6%B8%E0%B7%8F+%E0%B6%94%E0%B6%BA+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B7%E0%B7%96%E0%B6%9C%E0%B6%AD+%E0%B6%A2%E0%B6%BD+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
බණ්ඩාරවෙල - උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය ඔස්සේ භූගත ජල සොරකමක් සිදුවෙමින් පවතින බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජිනදාස කටුපොත පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක කළහොත් සිදුවන විනාශය තක්සේරු කළ නොහැකි බවයි.

ළිංවල ජලය සිදී යාම, නාය යාම් සහ පොළොව ඉරි තැලීම් සිදුවීම හේතුවෙන් මේ වන විට තමන් දැඩි අර්බුදයන්ට මුහුණ දී ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

බණ්ඩාරවෙල - කුරුකුදේ ගම්මානයට පහළින් වූ ප්‍රදේශයක උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ වන්නේ 2009 වසරේ අප්‍රේල් මස 29 වැනිදායි. මධ්‍යම කඳුකරයේ දැවැන්ත උමං පද්ධතියක් ජලාශ සහ විදුලි බලාගාර ඉදිකිරීම ඉලක්ක කර ගනිමින් සිදුකෙරෙන මෙම ව්‍යාපෘතිය භාරව කටයුතු කරන්නේ ඉරාන සමාගමක්. මෙම ව්‍යාපෘතියෙන් බලපෑම් එල්ල වීම ඇරඹෙන්නේ කිලෝමීටර් 15.2ක් දිගින් යුත් ප්‍රධාන උමං මාර්ගයේ වැඩ කටයුතු හේතුවෙන්.

උමා ඔය ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය වසන්ත අලූවිහාරේ පසුගිය 13 වැනිදා ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි. එම තීරණයට අනුව මේ වන විට උමා ඔය ව්‍යාපෘතිය තාවකාලිකව නවතා තිබෙනවා.

කෙසේ වෙතත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජිනදාස කටුපොත සඳහන් කලේ මෙම ව්‍යාපෘතිය ඔස්සේ ප්‍රදේශයේ ජල මූලාශ්‍රවලට විශාල වශයෙන් හානිවන බවයි.