Update: සිසුවියගේ දිවි නසාගැනීම ගැන සරසවියෙනුත් පරීක්ෂණයක්

Wednesday, 18 February 2015 - 9:02

Update%3A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගත් අමාලි චතුරිකා නැමති සරසවි සිසුවියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ පන්නිපිටිය - මාබුල්ගොඩ පොදු සුසාන භූමියේදී  සිදු කෙරුණා. මෙම මරණය, සමාජයේ දැඩි කථාබහට ලක්වුණේ නවකවදයට මුහුණදීමට නොහැකිවීම නිසා තම දරුවා මියගිය බවට මෙම සරසවි ශිෂ්‍යාවගේ මව පශ්චාත් මරණ පරීක්ෂණයේදී ප්‍රකාශ කිරීම හේතුවෙන්.

පසුගිය වසරේ පෙබරවාරි මාසයේ සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයට ඇතුළත් වූ 23 හැවිරිදි අමාලි චතුරිකා මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ කොළඹ දේවි බාලිකා විද්‍යාලයෙන්. ඇය තම නිවසේදී පෙරේදා ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබූ අතර දිවි නසාගැනීමට පෙර ලිපියක්ද ලියා තිබෙනවා.

මෙම සරසවි සිසුවියගේ සියදිවි හානිකරගැනීම සම්බන්ධයෙන් සබරගමුව විශ්වවිද්‍යාලයද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. එහි උපකුලපති චන්දන පී. උඩවත්ත සඳහන් කළේ අදාළ ශිෂ්‍යාව මීට මාස 06 කට පෙර රෝගී තත්ත්වයක් හේතුවෙන් සරසවියෙන් නිවාඩු ලබාදී නිවසට පිටත් කර යවා තිබූ බවයි. අසනීප වීම නිසා මෙම සිසුවිය මේ වසරේ නවක සිසුන්ගේ අධ්‍යයන වර්ෂයේදී යළිත් අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට නියමිතව සිටි බව ද  උපකුලපතිවරයා  කියා සිටියා.



.................................................................................................................................................................

Update : අවමඟුලට සරසවියේ කිසිවෙකු ගෙන්වන්න එපා - මියයාමට පෙර සබරගමුව සිසුවිය ලියයි

නවක වදයට මුහුණදීමට නොහැකිව තම දරුවා සියදිවි හානිකරගත් බවට පන්නිපිටිය - මාබුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි සබරගමුව සරසවි සිසුවියකගේ මවක් චෝදනා කරනවා. මෙම මව පශ්චාත් මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් සඳහන් කර ඇත්තේ නවක වදය නිසා තම දියණිය මානසික ආබාධයකට ද ලක්වූ බවයි.

පසුගිය වසරේ පෙබරවාරි මාසයේ සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයට ඇතුළත් වූ 23 හැවිරිදි අමාලි චතුරිකා මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ කොළඹ දේවී බාලිකා විද්‍යාලයෙන්. ඇය තම නිවසේදී පෙරේදා ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබූ අතර, දිවි නසා ගැනීමට පෙර ලිපියක් ද ලියා තිබෙනවා.

පොලිසිය ප්‍රකාශ කරන පරිදි ‘‘මම මැරෙනවා, මගේ මිනිය වළ දාන්න එපා, දේවිමාතාව ඉදිරිපිට බොරැල්ල කනත්තේ එය සිදුකරන්න. මගේ අවමංගල්‍යය උත්සවයට විශ්වවිද්‍යාලයේ් කිසිවෙකුත් සහභාගී කර නොගන්න.’’ යනුවෙන්, එහි සඳහන්ව තිබෙනවා.

කෙසේ වෙතත්, පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඇයගේ මව ලබාදුන් ප්‍රකාශයේ දැක්වෙන්නේ් තම දරුවා නවක වදය හේතුවෙන් මානසික ආබාධයකට ලක්ව සිටි බවයි. එසේම, ඇය ඒ සඳහා ප්‍රතිකාර ගනිමින් සිටියදී සියදිවි හානිකරගෙන ඇති බව ද එම මව එහිදී සඳහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සබරගමුව සරසවියේ උපකුලපති චන්දන පී. උඩවත්තගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ මීට මාස 06 කට පෙර අදාළ සිසුවිය රෝගී තත්ත්වයක් හේතුවෙන් සරසවියෙන් නිවාඩු ලබාදී නිවසට පිටත් කර යවා තිබූ බවයි. එමෙන්ම, සබරගමුව සරසවිය තුළ මේ වනවිට නවක වද සිද්ධීන් නොමැති බවද උපකුලපතිවරයා සඳහන් කළා. අසනීප වීම නිසා මෙම සිසුවිය මේ වසරේ නවක සිසුන්ගේ අධ්‍යයන වර්ෂයේදී යළිත් අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට නියමිතව සිටි බව ද සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති චන්දන පී. උඩවත්ත වැඩිදුරටත් කියා සිටියා.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දිකගෙන් ද විමසීමක් කළා. ඔහු ප්‍රකාශ කළේ ද සබරගමුව සරසවිය තුළ දැන් නවකවද සිද්ධීන් නොමැති බවයි.



Update : Wednesday, 18 February 2015 - 13:26
-------------------------------------------
නවක වද සිදුවීමකින් තරුණියක් ගෙළ වැළලාගනී

සබරගමුව සරසවියේ ශිෂ්‍යාවක් සිය නිවසේදී ගෙළ වැළලාගෙන මිය යාම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. මෙලෙස ගෙළ වැළලාගෙන මිය ගොස් ඇත්තේ සබරගමුව සරසවියේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන 23 හැවිරිදි එස්.එස්. අමාලි චතුරිකා ශිෂ්‍යාවයි. ඇයගේ පදිංචිය හෝමාගම වන අතර ඇය සිය නිවසේදී මෙලෙස සාරියකින් ගෙළ වැළලාගෙන ඇත්තේ ඊයේ (17) දිනයේයි. නවක වද සිද්ධියක් මෙම සිය දිවි හානි කර ගැනීමට හේතු වී ඇති බව හෝමාගම පොලීසියේ ප්‍රකාශකයෙකු සදහන් කළා. ඇය මිය යන්නට පෙර ලිපියක් ද ලියා ඇති අතර එහි සදහන් කර ඇත්තේ විශ්වවිද්‍යාලයේ කිසිවෙකුට සිය මළ සිරුර නොපෙන්වන ලෙසයි.