නව යුද හමුදාපතිවරයෙකු පිළිබඳ මෙතෙක් තීරණයක් නැහැ - ආරක්ෂක අමාත්‍යාංශය

Wednesday, 18 February 2015 - 12:20

%E0%B6%B1%E0%B7%80+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%B8%E0%B7%99%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA
නව යුද හමුදාපතිවරයෙකු පත් කිරීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළා. නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ වැඩබලන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර ප්‍රකාශ කළේ ඇතැම් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවල මෙන්ම වෙබ් අඩවිවල ද නව යුද හමුදාපතිවරයෙකු පත් කිරීමට නියමිත බවට පුවත් පළ කර ඇති බවයි. එහෙත්, එවැනි පත් කිරීමක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ඔහු නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.