"නුගේගොඩට ගියාට පතිවත බිඳෙන්නේ නැහැ" - විජිත් විජයමුනි

Wednesday, 18 February 2015 - 13:17

%22%E0%B6%B1%E0%B7%94%E0%B6%9C%E0%B7%9A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%AD+%E0%B6%B6%E0%B7%92%E0%B6%B3%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90%22+-+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B6%BA%E0%B6%B8%E0%B7%94%E0%B6%B1%E0%B7%92
මහින්ද සමඟ රට දිනවීමට ඔබ සූදානම් ද ? යන තේමාව යටතේ නුගේගොඩ අද පැවැත්වෙන රැස්වීමට තමන් සහභාගි වන බව නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම ප්‍රකාශ කළා. පස්වරු 3 ට පැවැත්වෙන මෙම රැස්වීම සංවිධානය කර ඇත්තේ මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමයයි.

මෙම රැස්වීමට නිදහස් පක්ෂයේ පළාත් සභා, ප්‍රාදේශීය සභා, මන්ත්‍රීවරුන් පිරිසක් ද සහභාගි වීමට නියමිත බවයි වාර්තා වන්නේ. බස්නාහිර පළාත් සභාවේ නිදහස් පක්ෂය සහ නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද මෙම රැස්වීමට සහභාගි වීමට දැනටමත් තීරණය කර තිබෙනවා. බස්නාහිර පළාත් මහඇමති ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය අපේක්ෂා කළ අයෙකු ලෙස ඊට සහභාගි වන බවයි. එහෙත්, ඊට සහභාගි වන ලෙස නිදහස් පක්ෂයට ආරාධනාවක් ලැබී නොමැති බව එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

කෙසේ වෙතත්, මීළඟ මහ මැතිවරණයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකයා විය යුත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බව නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම සඳහන් කළා. එම අදහසින් තමන් නිදහස් සන්ධානයේ පක්ෂ කිහිපයක් එක්ව සංවිධානය කර ඇති අද රැස්වීමට සහභාගි වීමට තීරණය කළ බවයි හිරු ප්‍රවෘත්ති අංශය සමඟ දුරකථන සංවාදයකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ.  

අද (18) පැවැත්වෙන මෙම රැස්වීම පිළිබඳව හිටපු අමාත්‍ය විජිත් විජයමුනි සොයිසා ද බිබිල ප්‍රදේශයේ ඊයේ (17) පැවති උත්සවයකට එක්වෙමින් අදහස් පළ කළා. ඔහු එහිදී කියා සිටියේ මෙම රැස්වීමට සහභාගි වන කිසිවෙකුගේ පතිවත බිඳීමක් සිදුනොවන බවයි.