VIAGRA පෙති භාවිත කළ අයි.එස් සටන්කාමීන්

Wednesday, 18 February 2015 - 15:15

VIAGRA+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%92+%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B7%85+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B7%93%E0%B6%B1%E0%B7%8A
ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්තවාදී කල්ලියක් වන අයි.එස් සටන්කාමීන්ගේ දෛනික හැසිරීම් හා ක්‍රීයාකාරීත්වය සම්බන්ධයෙන් පුවතක් විදේශිය මාධ්‍ය විසින් වාර්තා කර සිටියි.

සමාජීය ක්‍රීයාකාරීන් කණ්ඩායමක් සිරියානු වෛද්‍යවරුන් සමඟ කල සම්මුඛ සාකච්ඡාවක් ඇසුරෙන් විදෙස්  මාධ්‍ය අයි.එස්  සටන්කාමීන් පිළිබඳව මෙම පුවත වාර්තා කර ඇත.

ඒ අනුව සිරියානු වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ සිරියාවේ සිටින අයි.එස් ත්‍රස්තයින් විකෘති ලිංගික අශාවන්ගෙන් යුක්ත වුවන් වන බවයි.

ඔවුන් පෙන්වා දෙන අකාරයට අයි එස් ත්‍රස්තයින් සිය මුදල් වැඩි වශයෙන් වැය කීරිම සිදු කරන්නේ ලිංගික ශක්තිය උත්තේජනය කරවන වියාග්‍රා වැනි ඖෂධ පෙති මීලදී ගැනීමට බවයි.

එසේම අයි එස් ත්‍රස්තයින් සිය බිරින්ඳැවරුන්ට විවිධ විලාසිතාවන්ගෙන් අලංකාර වු කාන්තා යට ඇදුම් මීලදී ගැනීම සිය විනෝදාංශයක් ලෙස සිදුකරන බවද වෛද්‍යවරු පවසා ඇත.

සිරියානු වෛද්‍යවරුන් වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ අයි.එස් ත්‍රස්තයින් සිය විකෘති ලිංගික ආශාවන් තෘප්තිමත් කර ගැනීමට නිරන්තරයෙන් කාන්තාවන් හා කුඩා දැරියන් පැහැර ගැනීම් වලට ලක් කර ලිංගික අතවර සිදු කරන බවයි.