කුමාර්ගේ පෙත්සම නිෂ්ප්‍රභා කරයි

Wednesday, 18 February 2015 - 14:37

%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B7%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
තමා අත්අඩංගුවට ගැනීම සහ රටින් පිටුවහල් කිරීම වළක්වන ලෙස ඉල්ලමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද නිෂ්ප්‍රභ කළා. ඒ මීට අදාළ නඩුව අගවිනිසුරු කේ ශ්‍රී පවන් ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අවස්ථාවේදීයි. 

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකරනු ලැබුවේ ආගමන විගමන පාලකවරයා, තමාව අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසියට නියෝග කිරීම මගින් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව පවසමින්. ඒ අනුව පසුගිය 13 වැනිදා අදාළ පෙත්සම විභාගයට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය හෙට දිනය දක්වා කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගැනීම හෝ රටින් පිටුවහල් කිරීම වළක්වාලමින්  අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

කෙසේ වෙතත් අද යළි මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී රජයේ නීතීඥවරයා දැනුම්දුන්නේ කුමාර් ගුණරත්නම් ජනවාරි 31 වැනිදා දක්වා පමණක් මෙරට රැඳී සිටීම සඳහා වීසා බලපත්‍ර ලබාගෙන ඇති බවයි. ඒ අනුව ඔහු සංචාරක වීසා මත මෙරට රැඳී සිටිමින් දේශපාලන කටයුතුවල නිරතවීම නීතිවිරෝධී බව ඔහු සඳහන් කළා. එම කරුණු  සැළකිල්ලට ගැනීමෙන් අනතුරුවයි ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මූලික අයිිතිවාසිකම් පෙත්සම නිශ්ප්‍රභ කරනු ලැබුවේ.