නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් රැසක් නුගේගොඩ රැළියේ. හිටපු ජනපතිගෙන් සුබ පැතුම් පණිවුඩයක්

Wednesday, 18 February 2015 - 16:05

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%94%E0%B6%9C%E0%B7%9A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%BB%E0%B7%90%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B7%9A.+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%B6+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AB%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
‘‘දිනූ නිදහස අනතුරක, ජාතියේ අභියෝගය ජයගැනීමට පෙළ ගැසෙමු’’  යන තේමාව යටතේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධාන කළ ජනරැළියක් නුගේගොඩදී දැන් පැවැත්වෙනවා. මෙම රැස්වීම සංවිධානය කළේ මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමයයි. මීළඟ මහ මැතිවරණයේදී  එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කළ යුතු බව අවධාරණය කරමිනුයි ඔවුන් මෙම රැස්වීම සංවිධාන කර ඇත්තේ.

මෙම ජන රැළියට දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලත්තර සුමනජෝති හිමිපාණන් ඇතුලූ මහා සංඝ රත්නය සහ පූජකවරුන් මෙන්ම අදාළ දේශපාලන පක්ෂවල නියෝජිතයන්ට අමතරව තවත් දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයන් එක්ව සිටිනවා. ලංකා සමසමාජ පක්ෂය මෙන්ම දේශවිමුක්ති ජනතා පෙරමුණ නියෝජනය කරමින්ද එලෙස නියෝජිතයන් එක්වූ අතර ඔවුන් මෙම ජන රැළියට සිය සුබපැතුම්ද එක් කරනු ලැබුවා. එසේම සිවිල් සංවිධාන නියෝජිතයන් රැසක්ද මීට එක්ව සිටීම විශේෂත්වයක්. ජන රැළිය සංවිධාන කළ පක්ෂ අතරට අයත් මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතාංජන ගුණවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශ්‍රියාණි විජේවික්‍රම  ද ඊට එක්ව සිටියා.

එසේම කුමාර වෙල්ගම, ටී.බී. ඒකනායක. සී.බී. රත්නායක, සාලින්ද දිසානායක, මනූෂ නානායක්කාර සහ දිලූම් අමුණුගම යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ද, ජයන්ත කැටගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාද එක්ව සිටින බවයිි එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ. බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, දකුණු පළාත් ධීවර අමාත්‍ය ඞී.වී. උපුල් මෙන්ම මොරටුව මහ නගර සභාවේ නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ඇතුලූ පළාත්පාලන ආයතන නියෝජිතයන් පිරිසක්ද රැළියට සහභාගි වුණා.

ජන රැළිය හේතුවෙන් නුගේගොඩ නගරය අවට මාර්ග රැසක දැඩි රථවාහන තදබදයක් පවතින අතර නුගේගොඩ පොදු වෙළඳ සංකීර්ණය ඉදිරිපිට මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව සඳහන්. ජනරැළිය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එවූ පණිවුඩය ඉදිරිපත් කළේ ජිනීවා හි හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සහ ප්‍රකට රාජතාන්ත්‍රික නිලධාරියෙකු වන ආචාර්ය දයාන් ජයතිලක විසින්. එමඟින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ අප භුක්ති විඳින්නේ පරාජයක් නොව කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවයි.

බලයක් නැති සමඟියෙන් පළක් නොමැති බව ජන රැළිය අමතමින් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළා. එසේම පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධනද රැස්වීම අමතනු ලැබුවා.